අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම යනු අද බොහෝ දෙනා කථාබහ කරන මාතෘකාවක් තරමටම ලංකාවේ ජනප්‍රිය වී ඇත. පුවත්පත්වලද, අන්තර් ජාලයේද, තාප්පවල අලවන ලද පෝස්ටර් මගින්ද අන්තර් ජාලයෙන් මුදල් ඉපයීම මැජික් එකක් බවට පත්කර ඇත. අද අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන කියාදීමටද බොහෝ අය පොරකමින් සිටී. එහෙත් ඒ උගන්වන අයවත් අන්තර්ජාලයෙන් මුදල් උපයන ආකාරය නිසිලෙස දන්නේදැයි ප්‍රශ්ණයකි. ඔවුන් බොහෝවිට කරනුයේ අන්තර් ජාලයෙන් කියවා ලබාගන්නා තොරතුරු හා තමන් සතු සුළු දැනුම අන් අයට ලබාදීම වෙනුවෙන් මුදල් ගසා කෑමකි. සමහරු CD / DVD වලින් අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන උගන්වති. සමහරු තැපැල් මගින් උගන්වති. තවත් සමහරු එක් දින, දෙදින වශයෙන් පංති පවත්වා මෙය උගන්වන බව කියති. සමහරු පවසන්නේ දවසට පැය දෙකක් පමණක් වැඩකර මසකට රුපියල් 30 000 ක් පමණ ඉපයිය හැකි බවකි. ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම සත්‍යයක්ද? ඔය කියන තරම් මුදල් ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් ඉපයිය හැකිද?
ඇත්ත වශයෙන්ම කියතොත් අන්තර්ජාලය මගින් මුදල් ඉපයීමේ ක්‍රම තිබේ. එය සත්‍යයකි. අන්තර් ජාලයෙන් දවසකට රුපියල් ලක්ෂ ගණන් මුදල් උපයන අයද සිටිති. එහෙත් ඒ අතලොස්සකි. තවද එසේ මුදල් ඉපයීමට මනා හැකියාවක් හා කැපවීමක් මෙන්ම අන්තර්ජාලය හා ඒ පිළිබද හොද දැනුමක්ද තිබිය යුතුය. ඔය කියන ආකාරයට දවසට පැය දෙකක් වැඩකර රුපියල් 30 000ක් එක මසකට එකවර ඉපයීමක් කල නොහැක. එසේ හැකිනම් බොහෝ දෙනෙකු මෙසේ මහන්සි වී වැඩ නොකරනු ඇත. අනෙක් අතට කිසිම කෙනෙක් අන්තර්ජාලය හරහා මුදල් නිකන් දෙන්නේද නැත. අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන එක් දිනකින් ඉගෙනගැනීමටද නොහැකිය. තවද අන්තර්ජාලය හරහා මුදල් ආයෝජනය කර මුදල් ඉපයීමේ ක්‍රමද පවතින අතර එහිදී ලාභ මෙන්ම පාඩුද සිදුවිය හැකිය.

NO COMMENTS:
POST A COMMENT