Friday, June 7, 2013

http://earnmore2.blogspot.com


අන්තර්ජාලය හරහා මුදල් ඉපයිය හැකිද?

ඔව්... පුළුවන් ක්‍රම තියනවා... හැබැයි ඔය කියන තරම් ලේසියෙන් සල්ලි මවන්න බෑ... ඔය පුංචි පුංචි ක්‍රම ටිකක් දැන ගත්තා කියලා අතට බරට සල්ලි ලැබන්නෙ නෑ... ඒකට මුලදි කාලය සහ උනන්දුව අවශ්‍යයි... අන්තර්ජාලයෙ කවුරුත් නෑ නිකම් ඉන්න බැරුවට අහුලගන්න කියල සල්ලි විසිකරන අය... ඔය සුද්දො ඔහොම හිටියට හරි ලෝබයි... හික් හික්ස්... ඒ නිසා ඒ සඳහා කැපවීමෙන් වැඩ කරන්න ඕන... හරි පාර හොයාගත්තොත් ගොඩම තමයි... ඒක හොයාගන්න එක තමයි අමාරුම වැඩේ... අන්තර්ජාලෙත් වැඩියම ඉන්නෙ හොරු තමයි... මං මින් පෙර සටහනේ කිව්ව වගේ බොරු කාර වෙබ් අඩවි (scam/fraud sites) වැහි වැහැල...අපිට ලංකාවෙ හිටපු සක්විත්තො අදුර ගන්න බැරි වුන කොට මේකෙ ඇතුලෙ උන් ගැන කවර කතාද???
මේක නම් ජංජාලයක්ම තමයි… ඒ නිසා මේක ඇතුලෙ කරක් ගහන්න ඕන දැනගෙන... මේ පරක් තෙරක් නොපෙනෙන ජංජාලෙ හරි දේ හොයනව කියන්නෙ අඳුරෙ අත පත ගානව වගේ වැඩක්...

මේ දවස්වල ඉස්සෙල්ල හොඳට දුවපු වෙබ් අඩවි පවා හිටපු ගමන් වැටෙනව... සමහරුනම් කියන්නෙ ඇමරිකාව ඇතුලු යුරෝපෙ ඇති වුන ආර්ථික පිරිහීම අන්තර්ජාලෙටත් බලපාල කියල... ඒ කොහොම වුනත් අපි අපේ අතේ තියන සොච්චම නැති කරගන්නැතුව ජංජාලෙන්ම මුදල් හොයන්න උත්සාහ කරමු... මං ඉස්සෙල්ලත් කිව්ව වගේ මේවට පන්ති යන්න ඕනද කියල ඔයාලම තීරණය කරන්න... 

මං ඉස්සරහට ලියන බ්ලොග් සටහන් වල මුදල් හොයන ක්‍රම 7ක් ගැන කතා කරන්න හිතාගෙන ඉන්නවා... ඒ හැම දෙයක්ම වගේ නොමිලේ කරන්න පුලුවන් දේවල්... කලබලයක් නැතුව නොමිලේ හැම දෙයක්ම පටන් අරගෙන, හොඳට අධ්‍යයනය කලාට පස්සෙ සල්ලි ගෙවල කරන ලොකු ලොකු දේවල් වලට යන්න පුලුවන්... ඒ නිසා හදිසි නොවී ඉස්සෙල්ල අන්තර්ජාලෙ තියන වැඩ කෑලි ටික අල්ල ගනිමු... 

යන්තම් මම ලේසියෙන් සිංහලෙන් කොටන්න පුලුවන් ක්‍රමයක් හොයගත්ත... දැන්නම් අවුලක්ම නෑ... ඉතිං ඒක හොයාගන්න මට උදව් කරපු අර කඩවත පැත්තෙ නංගිටත් පිං... ආ මට මේක ලියල දෙන්න ඉදිරිපත් වුන හැමෝටමත් ස්තූතියි... මං කරන්නෙ හිතට එන දේවල් ඒ වෙලවෙම කොටන එක නිසා ඒක කරන්න බෑ... මට තව තැනක ඉස්සෙල්ල ලියලා කරන එක පුරුදුම නෑ... මං ලියන්න හරි කම්මැලියි... ඒත් වචනෙන් හරි මට උදව් කරන හැමෝටම ආයිත් ස්තුතියි කිව්වා... ඒක මට ලොකු ශක්තියක්...

කැමතිනම් මං ඉංගිරිසියෙන් ලියන වෙබ් අඩවියත් ගිහින් බලන්න මෙතන ඔබන්න... ඒකෙ දැන් මං හුඟක් දේවල් මේ වෙනකොටත් ලියල ඉවරයි...

NO COMMENTS:

POST A COMMENT


No comments:

Post a Comment